ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!!!

අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරුවීමේදී ලැබෙන ඇඩ්ස් මග හරවා ගැනීමට දකුණු පස ඇති Skip Add යන්න මත Click කරන්න.එවිට නිව‍රැදි ලෙස පහසුවෙන් අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරු විය හැක.

Saturday, April 13, 2013

පුංචි වැඩයි - සල්ලි ගොඩයි - 02 කොටස






ආයුබෝවන් යාළුවනේ !


කට්ටිය දැන් Micro-Workers Account හදාගෙන සූදානම් වෙලා ඇතිනේද?

මුලින්ම කියන්නම් ඔයාලට ගැටළුවක් ඇති උනොත් ඉක්මනට ඔයාලට ඒ ගැටළුවට පිළිතුරක් ඕනි නම් Comment එකක් දාන්න.Facebook එකෙන් මාව Contact කරගන්නවට වඩා ඉක්මන්.මොකද මං හැමදාම මගේ Blog එකට Log වෙනවා.

හරි එහෙනම් පාඩමට බහිමු.


අද අපි කතා කරන්න යන්නේ කොහොමද Micro-Workers එකේ Job එකක් කරලා මුදල් උපයන්නේ කියලා.

ඊට ඉස්සර තාම Micro-Workers Account එකක් හදා ගත්තු නැති අය පහල Link එක හරහා කලින් පාඩමට ගිහින් ඒක කියවලා Micro-Workers Account එකක් හදා ගන්නකෝ.


එහෙනම් හදා ගත්තු Micro-Workers Account එකට Log වෙන්නකෝ.

දැන් ඔයාලට දකින්න පුළුවන් මෙන්න මේ වගේ රූපයක්.අපි මේ රූපයේ තියෙන වැදගත් දේවල් එකින් එක කතා කරමු.

(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)





1 -: Available Jobs -මේ කියන Tab එක මගින් අපට කිරිමට තියෙන Job ගැන විස්තර බලා ගන්න පුළුවන්

2 -: Hire Group - මේ Tab එක ආධාරයෙන් අපට කිරිමට තියෙන Hire Group Job ගැන විස්තර බලා ගන්න පුළුවන්


3 -: Tasks I finished -මේ Tab එක ආධාරයෙන් අපිට අපි කල Job ගැන සම්පූර්ණ විස්තරයක් බලා ගන්න පුළුවන්.මෙහිදී අප කරපු Job නිවරැදිව කරලද(Approved) නැත්නම් ප්‍රතික්ශේප කරලද (Rejected) කියලා අපිට බලා ගන්න පුළුවන්.

4 -: My Campaigns - මේක අදාළ වෙන්නේ Employersලට.ඒ කියන්නේ ඔයා ඉන්නේ Job කරන්න නෙවෙයි වෙන අයට මුදල් ගෙවලා Job කරවා ගන්න නම් විතරයි.ඒ නිස මං මේක ගැන විස්තර කරන්න යන්නේ නෑ.මොකද අපේ අරමුණ Job කිරීමම පමනක්  නිසා.

5  -: Deposit - මේකත් වැදගත් වෙන්නේ Employersලට.එයාලා ගෙවන්න ඕනි මුදල්  මේ Tab එක මගින් ගෙවන්න පුළුවන්.අපිට මේක වැදගත් නෑ.ඒ නිසා මේක ගැනත් මං කතා කරන්න යන්නේ නෑ.

6 -: Withdraw - අපි Micro-Workers එකේ Job කරලා උපයා ගන්න මුදල් අපේ බැංකු ගිනුමට ලබා ගන්නේ මේ Tab එක මගින්.තාම අපි මුදල් උපයලා නැති නිසා අපි මේක ගැන පසුවට කතා කරමු.සල්ලි ගන්න ඉස්සර උපයන විදිය කතා කරන්න එපැයි නේද?

7 -:  Account - මේ Tab එක ආධාරයෙන් අපිට අපේ Micro-Workers Account එකේ සියළුම තොරතුරු බලා ගන්න පුළුවන.

8 -:  Success Rate - මෙමගින් ඔබගේ ජොබ් එකක් සාර්ථකව නිම කිරීමේ හැකියාව පෙන්නුම් කෙරේ.

9 -:  Reputation - මෙමගින් ඔබගේ ජොබ් එකක් සාර්ථකව නිම කිරීමේ හැකියාව විවිධ කාණ්ඩ වලට බෙදා පෙන්නුම් කෙරේ.

10 -:  Support - ඔබගේ ගැටලු නිරාකරණය කර ගැනීමටත් ආයතනය පිළිබද  තොරතුරු දැන ගැනීමටත් හැක.

11 -:  ඔබගේ Micro-Workers Account එකේ ඇති ඔබ උපයා ගත් මුදල් ප්‍රමාණය මෙමගින් දැක්වේ.

12 -: Most Paying - දැනට තියෙන ජොබ් අතුරින් වැඩිම මුදලක් ගෙවන ජොබ් මෙම Tab එක Click කිරීමෙන් දැක ගත හැක.

13 -: Latest - අළුතින්ම එකතු වු ජොබ් පිළිබදව දැන ගැනීමට පුළුවනි.

14 -:  Best Rating - Success Rate එක උපරිම ජොබ් දැක බලා ගැනීමට හැක.

15 -:  Jobs - විවිධ ආකාරයේ ජොබ් ඔබේ පහසුව සදහා වර්ග කර ඇත.

16 -:  Job Name - අදාළ ජොබ් එකෙහි නම මෙමගින් දැක්වේ.

17 -:  Payment - අදාළ ජොබ් එක සදහා ගෙවන මුදළ මෙමගින් දැක්වේ.

18 -:  Success % - මෙම Job එක කල පිරිස සහ මුදල් ගෙවු ආකාරය උපයෝගී කර ගෙන එක් එක් Job එක සදහා ලබා දී ඇති Success මට්ටමක් මෙමගින් නිරෑපණය වේ.

19 -:  Status - Job එකෙහි වර්ථමාන තත්වය එනම් මෙම ජොබ් එක තවම කළ හැකි මට්ටමේ Job එකක්ද නැතිනම් මෙම Job එක නිම වූ එකක්ද යන්න දැක්වෙන්නේ මෙමගිනි.මෙහි සලකුණ කුඩා කොළ පාට කොටුවකින් දිස් වේ නම් එය අපිට කල හැකි මට්ටමේ එනම් Running and Available Job එකකි.

20 -:  Done - දැනට මෙම Job එක කී දෙනෙක් සාර්ථකව නිම කරලද යන්න මෙමගින් දැක්වෙනවා.

21 -:  Logout - Micro-Workers Account එකෙන් ඉවත් වීම සදහා භාවිතා කල හැක.

ඔන්න එහෙනම් අපි මේ ගැන දළ අවබෝදයක් ලබා ගත්තා.නමුත් සමහර දේවල් ගැන මම පස්සට කතා කරනවා ටිකක් විස්තර ඇතුව මොකද ඒවා අනිවාර්යයෙන් අපි දැනගත යුතු කරුනු.හරි මට ඕනි ඔයාලට ජොබ් එකක් කරන හැටි කියලා දෙන්න.ඊට පස්සේ බැරියැයි නේද අනිත්වා ඉගෙන ගන්න.

හරි එහෙනම් අපි බලමු ජොබ් එකක් කරන විදිය.


අපි ජොබ් එකක් තෝරගෙන තෝරා ගත්තු ජොබ් එකේ නම මත කලාම අපිව මෙන්න මෙහෙම තැනකට පිවිසෙනවා.


(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)





මෙම අංක එක ලෙස සදහන් කරලා තියන කොටුව මගින්
මෙම ජොබ් එක කී දෙනෙක් සාර්ථකව නිම කරලද යන්නත්
අදාළ ජොබ් එක සදහා ගෙවන මුදළත්
අදාළ ජොබ් එක සදහා ලබා දී ඇති කාලයත්
අදාළ ජොබ් එකේ Job ID එකත් දැක්වෙනවා.

අංක 02 ලෙස සදහන් කරලා තියෙන්නේ අපිට ජොබ් එක ලබා දුන්න කෙනාගේ ID එක.

අංක 03 ලෙස සදහන් කරලා තියන කොටුව මගින් අපිට දන්වන්න ඕනි විශේෂ දෙයක් තියනවා නම් එය දක්වනවා.
මේ උදාහරණයට අනුව නම් මේ ජොබ් එක ඔය කියලා තියන රටවල් වල අයට හැරෙන්න අනිත් සියළුම රට වලට වළංගුයි.

අංක 04 ලෙස සදහන් කරලා තියන කොටුව මගින් අපිට ජොබ් එක විදියට කරන්න කියන දේ සදහන් වෙනවා. එය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට අපි බලා ගන්න ඕනි.නැත්නම් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වැඩ කරලා සල්ලි ලැබුනේ නෑ කියලා බෙරිහන් දෙනවා එහෙම නෙවෙයි හොදද?

අංක 05 ලෙස සදහන් කරලා තියන කොටුව මගින් අපි ජොබ් එක කල බවට පෙන්වීමට අවශ්‍ය සාක්ෂි මොනවද යන්න දැක්වෙනවා.ඒ දෙය අපිට ජොබ් එක ලබා දෙන පුද්ගලයා එම ස්ථානයේ විස්තර කර තියෙනවා.

මේ විස්තර ටික කියවලා එනකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් මේ ජොබ් එක කරන්න පුළුවන්ද බැයිද යන්න.

ඔයාට හිතුනොත් මේ ජොබ් එක කරන්න බෑ කියලා ඔයාට තියෙන්නේ අංක 06 මගින් දැක්වෙන No Interested in this Job යන්න Click කිරීමයි.

ඔයාට හිතුනොත් මේ ජොබ් එක කරන්න පුළුවන් කියලා ඔයාට තියෙන්නේ අංක 07 මගින් දැක්වෙන I Accept this Job යන්න Click කිරීමයි.

එතකොට මෙන්න මේ විදියට පහළින් තව පොඩි කොටුවක් Prop up වේවි.

(විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න)





මෙහි අංක 01 දැක්වෙන කොටුව තුල කලින් මම කීව ඉල්ලන තොරතුරු සදහන් කල යුතුයි.[කලින් අංක 05 කොටුව කියවන්න]

ඉන් පසුව තියෙන්නේ ජොබ් එක කල බව සනාත කිරීමයි. ඒ සදහා අංක 02 මගින් දැක්වෙන I Comfirm that I have completed this task යන්න Click කරන්න.

ඔන්න එහෙනම් අපි ජොබ් එකක් කරන හැටි සම්පූර්ණයෙන්ම ඉගන ගත්තා.දැන් තියෙන්නේ දඩිං බිඩිං ඩෝං ගාලා ජොබ් කරන එකයි.
ඉතින් යාළුවනේ පුංචි වැඩයි සල්ලි ගොඩයි නේද?මට තව මේකේ ඇතුලාන්තයේ තියෙන දේවල් ගැන කියලා දෙන්න ඕනි.අපි ඒ ටික ඊලග පාඩම් මාලාවෙදි ඉගන ගමු.එතකම් ජොබ් කරලා අතට ගානක් හොයා ගන්නකො.
නිකම් Facebook එකේ කාලේ කනවට වඩා මේකෙන් කීයක් හරි හොයා ගන්න එක කොච්චර වටිනවද?මතක තියා ගන්න මේ දේවල් තමා E-Money ගුරුවරු දහස් ගණන් අරන් උගන්වන්නේ.ඉතින් ඔයාලත් මේ ලැබුන අවස්තාවෙන් ප්‍රයෝජන අර ගන්න.
මට හැකි සෑම වෙලාවකම මං ඔයාලට උදව් කරන්න ලැහැස්තියි.තාම මේ පටන් ගත්ත විතරයි.තව ගොඩක් දුර අපිට යන්න තියෙනව මං හිතනවා ඒ දුර ගෙවනකම්ම ඔයාලා මේ බ්ලොග් එකත් එක්ක රැදී ඉදියි කියලා.

ආහ්හ් තව දෙයක් කියන්න තියනවා හුගක් දෙනෙක්ගේ ඉල්ලිමක් තියනවා (හුගක් කීවට පස් හය දෙනයි හොදේ තාම මේ බ්ලොග් එකට එච්චර ප්‍රසිද්ධියක් නැනේ)මාව කරගන්න හරහාත් ඉඩ ලබා දෙන්න.ඉතින් මං ඒකත් ඔයාලා වෙනුවෙන් කරන්නම්.එහෙනම් මං අදට නවතිනවා.මං කට්ටියටම සුබ පතනවා හොදට ජොබ් ටිකක් කර ගෙන හොද මුදලක් හොයා ගන්න කියලා. 




ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එකklpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.


ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.


No comments:

Post a Comment