ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!!!

අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරුවීමේදී ලැබෙන ඇඩ්ස් මග හරවා ගැනීමට දකුණු පස ඇති Skip Add යන්න මත Click කරන්න.එවිට නිව‍රැදි ලෙස පහසුවෙන් අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරු විය හැක.

Saturday, July 13, 2013

අපිටත් අන්තර්ජාතික බැංකු ගිණුමක් - 1 කොටස


ආයුබෝවන් යාළුවනේ !සෑහෙන කාලයකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ එන්න උනේ හැමදාමත් ලිපියක් දාන්න හිතුවට මොනවා හරි වැඩක් සෙට් වෙලා මග හැරෙනවනේ.දැන් නම් දවසට පැය 24 මදි වගේ.මං මේ ලිපිය දැන්ම දාන්න අදහස් කලේ නැතත් ගොඩ දෙනෙක් අහන දෙයක් තමා හොයන සල්ලි අපේ බැංකු ගිනුමට ගෙන්න ගන්නේ කියලා.
ඉතින් ඒ ගැටළු වලට පිළිතුරක් ලෙස මේ පිළිබද ලිපි සෙට් එක මේ ලිපියත් එක්කම ඇරබෙනවා.


හොදයි අපි බලමු කොහොමද අන්තර්ජාලයෙන් සොයන මුදල් අපේ බැංකු ගිණුමට ගෙන්වා ගන්නේ කියලා.
අපිට මේ සදහා අන්තර්ජාතික ඔන්ලයින් බැංකු ගිණුමක් අව්ශ්‍ය වෙනවා.බය වෙන්න එපා සත පහක් වත් වියදම් නොකර මේ සියල්ල අපට කර ගන්න පුළුවන්.
මං මේ සියළු බැංකු ගිණුම් ගැන සුපිරි අවබෝධයක් ඔයාලට ලබාදෙන්නම් එතකම් හිමින් සීරුවේ ඉවසීමෙන් ඔයාගේ ගමන යන්න.පෙරේත කමට වැඩ කරන්න ගිහින් වැඩේ අනාගන්න එපා.මොකද ආදුනික අයට ගොඩක් වරදිනවා.නමුත් වැරදි වැරදි ඉගෙන ගන්න එක හොදයි ඒත් ප්‍රශ්නේ අපේ අය එක පාරක් වැරදුන ගමන් වැඩේ අත හරිනවනේ.ඒ නිසා තමා මං කියලා දෙනකම් ඉන්න කිවේ එතකොට වරදින්නෙම නෑනේ.
මොකද අපි මේ ගණුදෙනු කරන්න යන්නේ  අන්තර්ජාතික මට්ටමින් ඉතින් අපේ අය ට්‍රයි කරන්නේ අර ගමේ තියන බැංකුවෙන් ලෝන් එකක් ගහලා පොළු තියනවා වගේ මේකටත් එහෙම ගේම් එකක් දෙන්න නේ.ආයිත් බොරුද මං කියන්නේ.අන්න ඒ නිසා මේ අයගේ ගිණුම් වල තියෙන කොන්දේසි මොනවද කියලා අපි දැන ගන්න ඕනි.ඒවා නොදැන අනාත වෙලා මට දොස් කියන්න එපා.අර කතාවක් තියනවනේ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා එහෙනම් අපි අතරමග නොඉද කතරගම යමු.හොදයි එහෙනම් ඔන්න මග දැනගෙන ගමන යන්න පටන් ගත්තා.
මං මුළින්ම කියලා දෙන්න යන්නේ Payza Account එකක් කොහොමද හදා ගන්නේ කියලා.කලින් මේක හැදින්නුවේ Alertpay කියලා ගොඩ දෙනෙක් දන්නේ තාමත් ඒ නමින්.
හොදයි එහෙනම් මුලින්ම පහළ තියෙන ලින්ක් එක හරහා Payza Home Page එකට සම්බන්ධ වෙන්න.

ලංකාවේ තියෙන්නේ එක බැංකුවක් නෙවෙයිනේ විවිද නම් වලින් විවිධ පහසුකම් සපයන විශාල බැංකු ප්‍රමාණයක් ලංකාවේ තියනවා.අන්න ඒ විදියට විවිධ පහසුකම් සපයන විවිද ඔන්ලයින් බැංකු ගිණුම් තියෙනවා.ඉතින් අපි මේ වලින් අපිට වඩාත් උචිත අපිට ගණුදෙණු කරන්න පහසු ක්‍රම තිබෙන බැංකු ගිණුමක් තොරා ගත යුතු වෙනවා.


ඊට පස්සේ ඔයාට දකින්න පුළුවන් Sign Up කියන Tab එක හෝ Sign Up Now කියන Tab එක.ඒ දෙකෙන් කැමති Tab එකක් Click කරන්න.


ඊට පස්සේ ඔයාට දකින්න පුළුවන් මෙන්න මෙහෙම තිරයක්.එහිදී පළමුව ඔබට ඔබගේ රට තේරීමට අවස්ථාව ලැබෙනව එහිදී තමන්ගේ රට ‍තෝරා දෙන්න.

ඉන්පසුව Account වර්ගය ලෙස Personal යන Account වර්ගය ‍තෝරන්න.අනෙකුත් Account වර්ග ගැන මම වෙනත් ලිපියක් මගින් ඔයාලට කියලා දෙන්නම්.



ඊට පස්සේ අපිට මේ විදියට අපගේ පුද්ගලික තොරතුරු ඇතුලත් කිරීමට අවස්ථාවක් ලැබෙනවා.

මෙහිදී අපි අපේ සම්පූර්ණ සත්‍ය තොරතුරු ඇතුලත් කළ යුතු වෙනවා.මොකද නැත්නම් අපිට අපේ මුදල් ලබා ගැනීමේදි නොයෙකුත් දුශ්කරතා වලට මුහුණ පාන්න වෙනවා.

එහෙනම් මේ Form එකත් පුරවන්නකෝ. Form එක පුරවලා Next Step යන්න මත Click කරන්න.




ඉන් පස්සේ ගිණුමට අදාළ තොරතුරු සැපයීමට තවත් Form එකක් Open වෙනවා.මේකෙත් අර විදියටම සියල්ලටම නිව‍රැදි තොරතුරු සපයන්න.

මෙහි ඇති සියළුම දත්ත ඔයාල වෙනමම තැනක සටහන් කර ගත්තොත් නම් ගොඩක් වටිනවා.මොකද ටික කලක් යද්දී ඔයාලට මේ දේවල් අම්තක වෙන්න පුළුවන්.

මේකේ Pin No: එක නම් අනිවාර්යයෙන් මතක තබා ගත යුතුමයි.

මෙලෙස පුද්ගලික තොරතුරු සහ ගිණුමට අදාළ තොරතුරු පිරවූ පසු Final Step යන්න Click කරන්න.




ඉන් පසුව අපේ E-mail Account එක තහවුරු කරන්න අවස්තාවක් ලැබෙනවා පුරුදු පරිදි E-mail Account එක  Verify කලට පස්සේ ඔබව Payza ගිනුමට Log in වනවා ඇති



ඔන්න දැන් අපි අපේ Payza Account  එක හදා ගත්ත.තව වැඩ ගොඩක් තියනවා මේකේ.ඒ ටික කරන්න ඉස්සර මේ ටික කරගෙන ඉන්නකො.

ඔන්න යාළුවනේ ඔයාලටත් දැන් අන්තර්ජාතික ඔන්ලයින් බැංකු ගිණුමක් තියනවා.හිහ් හිහ් ආඩම්බරයිද?පොඩ්ඩක් ඉන්නකෝ දැනට Payza Account ශේශය 0.00 $ කියලා පෙන්නුවට තව ටික දවසකින් ඔයාගේ Payza ගිණුමෙත් සල්ලි තියෙනව කියල ඔයා ආඩම්බරයෙන් කියාවි එතෙක් ඔබට ජය !!!

හුගක් අය අහනවනේ මොකක්ද ඔයාගේ  FaceBook Account එක කියලා ඔන්න කැමති අය සෙට් වෙලා තියන ගැටළු නිරාකරනය කරගන්න.



FB Name -: Monash ccblog


FB E-mail -: Monashccblog@gmail.com
අහා මට කියන්න බැරි උනා.

මගේ හිතේ තියනවා ඉංගිසි පාඩම් මාලාවක් පටන් ගන්න ඉතාමත්ම සරලව.ඒ වගේම අධ්‍යාපනය හදාරන අයට වැදගත්වන පාඩම් මාලා සෙට් එකකුත් පටන් ගන්න.මේ පිළිබදව ඔයාලගේ අදහසුත් මට කියන්න.ලැබෙන ප්‍රතිචාරය මත ඒ වැඩේ ඉක්මන් වෙයි.

 ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.

මෙන්න මගේ  E-mail Address එක Monashccblog@gmail.com.




එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.  ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.



3 comments:

  1. aiye http://www.probux.com 1n tamai mama ads click karanne mata wena site 1ka add click karanna puluwanda

    ReplyDelete
  2. dear prabath

    oya pro bux eken add clik karala oya kawada goda yannada.oyata salli hoyanna godak krama thiyenawa.a gana oya unandu kenek nam mata udaw karanna puluwan pudgalikawa.
    pilithurak laba dhenna man help karanna ready. ok thanks obe comment ekata

    ReplyDelete