ආයුබෝවන් යාළුවනේ හැමදෙනාටම.ඉතින් ඔන්න මේ හා හා පුරා කියලා පටන් ගන්න යන්නේ ඔයාලා පුල පුලා බලා සිට්න අන්තර්ජාලයෙන් මුදල් කියන පාඩම් මාලාව.ඇත්තටම මේ පාඩම් මාලාව ඔයාලගේ ජීවිතය වෙනස් කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.
මේ වෙනකොට ලෝකයේ සිටින යම් පුද්ගලයකුට තමන්ගේ යම් කිසි වැඩ කටයුත්තක් කර ගැනීමට අවශ්යවුනහොත් ඔහු කරන්නේ වෙබ් සයිට් එකක ඔහුගේ ඒ අවශ්‍යතාවය පළ කරන එකයි.
හරි හරි මං උදාහරණයකින් පැහැදිලි කරන්නම්කෝ.
අපි හිතමු ලෝකයේ සිටින යම් පුද්ගලයකුට තමන්ගේ යම් කිසි ලිපියක් type කර ගන්න අවශ්‍ය වෙනවා.ඔහු එතකොට කරන්නේ යම් ආයතනයකට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා එහි දැන්වීමක් දානවා මට මෙන්න මේ වැඩේ කරගන්න අවශ්‍යයි මං මෙන්න මේ වැඩේ කරලා දෙනකෙනෙකුට ඩොලර් 30ත් 40ත් අතර ගෙවනවා කියලා.ඊට පස්සේ ඔහු මේ දැන්වීම දැම්මට පස්සේ ලෝකයේ තවත් පුද්ගලයෙක් මෙම වෙබ් අඩවියට පිවිසිලා එහි නොමිලේම රෙජිස්ටර් වෙලා ඔහු කරන්නේ මං අර කලින් කියපු වැඩේ ඒ කියන්නේ ලිපිය type කරන්න කැමතියි කියලා ඩොලර් 30ත් 40ත් අතර ලංසුවක් තියනවා.ඊට පස්සේ අර ලිපිය type කර ගන්න අවශ්‍ය පුද්ගලයා කරන්නේ ලංසු තියපු අය අතුරින් තමන්ට සුදුසු පුද්ගලයාව තෝරා ගන්න එක.(බය වෙන්න එපා මම ඔයාලට කොහොමද සුදුසුකම් සහිත පුද්ගලයෙකු වෙන්නේ කොහොමද කියලා පසුව කියලා දෙන්නම්)
පසුව අර පුද්ගලයා කරන්නේ තමන්ගේ වැඩේ කොහොමද කෙරෙන්න ඕනි කියලා තෝරා ගත්තු පුද්ගලයාට කියන එක.පසුව තමන්ගේ වැඩේ කෙරුනට පස්සේ අදාල මුදල ගෙවනවා.
අපි මෙවැනි වැඩ සටහනකට කියනවා Data Entry වැඩ සටහනක් කියලා.මේ වගේ Data Entry රැකියාවන් ලෝකයේ අති විශාල ප්‍රමාණයක් තිබෙනවා.
ඉතින් එවැනි රැකියාවක් කරන්නට ලෝකයේ විශ්වාශවන්තම ආයතනය මොකක්ද ???????????????????????????
මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ පිළිබදවයි.
මේ සදහා සුදුසුම ස්ථානය තමයි Odesk කියන Data Entry ආයතනය.ඉතින් මේ ආයතනයේ තේමා පාඨය වෙන්නේ Guranteed Work.Guranteed Payment.ඒ කියන්නේ වැඩේ සහ එයට අදාල මුදල් පිලිබදව ඔව්න් වග කියනවා.
ඉතින් මම මේ කියලා දෙන්න යන්නේ මේ ආයතනය තුල ලියාපදිංචි වෙලා ඒ වගේම මෙහි තිබෙන ඉතාමත් අපහසු විභාග ආදිය සමත් වෙලා මේ වෙබ් අඩවියේ සාර්ථක Profile එකක් සාදා ගෙන රැකියාවන් කරලා මුදල් උපයන ආකාරයයි.එහෙනම් අපි ඒ සදහා පියවරෙන් පියවරට ඉදිරියට පිය නගමු.
Odesk ආයතනය හා සම්බන්ධ වෙන්න පහළ click කරන්න.
(Link එක ක්ලික් කරාම තත්පර 5 කට පස්සේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ එන Skip Add කියන එක ක්ලික් කරන්න.එවිට Odesk ආයතනය හා සම්බන්ධ වෙන්න පුළුවනි.)
එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ වෙබ් අඩවිය තුල නව ගිණුමක් එනම් New Account එකක් සාදා ගැනීමටයි.
පියවර 01
මෙහිදී New Account එකක් සෑදීමට අපට අවශ්‍ය නිසා Sign Up මත Click කරන්න.
(Click to Zoom)
පියවර 02
මෙහිදී අපට පහත ආකාරයේ Window එකක් දකින්න ලැබේවි.
එහිදී අපට අවශ්‍ය තවත් කෙනෙකුට රැකියාවක් ලබා දීමට නම් I Need a Contracter මතද
අපට අවශ්‍ය රැකියාවක් කර මුදල් උපයා ගැනීමට නම් I Need a Job මතද Click කල යුතු වෙනවා.
(Click to Zoom)
මම මෙහිදී අපට අවශ්‍ය රැකියාවක් කර මුදල් උපයා ගැනීමට නිසා I Need a Job මත Click කිරීම සිදු කරනවා.
පියවර 03
මෙහිදී අපට අපගේ තොරතුරු ඇතුලත් කිරීමට Form එකක් දිස් වෙනවා.අප මෙහිදී අපගේ නිවරැදි තොරතුරු ඇතුලත් කල යුතු වෙනවා.නැතිනම් ඔබට මුදල් ලබා ගැනිමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිදු වෙනවා.
1 >>> First Name Box එක තුල අපගේ මුල් නමත්
2 >>> Last Name Box එක තුල අපගේ අවසාන නමත්
3 >>> Email Box එක තුල අපගේ Email Address එකේ නමත්
4 >>> City Box එක තුල අප සිට්න එනම් ජීවත් වන නගරයත්
5 >>> Country Box එක තුල අපගේ රටත්
6 >>> User Name Box එක තුල මෙම ආයතනය තුල ඔබව හදුනා ගැනීමට භාවිතා කරන නමත් (ඔබ කැමති නමක් මෙයට භාවිතා කල හැක.)
7 >>> Password Box එක තුල ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට Password එකත් (මෙහිදී Password එකෙහි අකුරු හෝ ඉලක්කම් ගණන 8ට වඩා වැඩි විය යුතුය.)
8 >>> Re-type Password Box එක තුල ඉහත Type කල Password එක නැවත Type කල යුතුය.
9 >>> How Did You Hear Abot Odesk Box එක තුල ඔබ Odesk ආයතනය ගැන දැන ගත්තේ කෙසේද යන්න තෝරා දිය යුතුය.
10 >>> Enter The Code Shown Box එක තුල පහළ රූපයේ ඇති අකුරු හෝ ඉලක්කම් ඒ ආකාරයෙන් Type කරන්න.
11 >>> පසුව Get Started යන්න Click කරන්න.
(Click to Zoom)
(Click to Zoom)
පියවර 04
ඉන් පසුව ඔබට පහත ආකාරයේ Window එකක් දිස් වේවි.
(Click to Zoom)
දැන් ඔබ කල යුත්තේ කලින් ඔබ ලබා දුන් Email Address එක හරහා Email Account එක වෙත ගොස් Odesk මගින් එවා ඇති Email එකෙහි ඇති Link එක කර ඔබගේ Email එක හා Account එක Verify කර ගැනීමයි.
(Click to Zoom)
දැන් ඔබව නැවත Odesk ආයතනය හා සම්බන්ධ වේවි.
දැන් තිබෙන්නේ ඔබගේ Profile එක සාර්ථකව සාදා ගැනීමයි.මෙහිදී අප ඉතාමත් සැලකිළිමත් විය යුතුය.මන්ද යත් මෙය අපගේ ඉදිරි වැඩ කටයුතු වලට බලපාන බැවිනි.
එහෙනම් යාළුවනේ ඊළග ලිපියෙන් මම කොහොමද Profile එක ඉතාමත් සාර්ථකව සාදා ගන්නේ කියලා කියලා දෙන්නම්.එතෙක් ඔබ සැමට ජය වේවා.ගැටළු තියෙනවනම් Comment එකක් දාන්න හොදද.මම ඒ වලට පිළිතුරු සපයන්නම්.
ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ E-mail Address එක klpathum99@gmail.com එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.
ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.
blog eka hodai....thawa odesk cover letters , odesk exam question and answers wage dewal add karanna. digatama liyanna.
ReplyDeletethanks comment ekata aniwa oya kiyapuwa post karanawa digatama blog ekath ekka radi inna
ReplyDeletemachan ube post eka ela ayth ithin meka kiyawala wade karaganna oni podi ekekuta puluwan.hama ekama oya widiyata therenna dammoth comment adu wey mokada no problem ne apita ithin no comment ganan ganna epa api innawa balamuko uba kiuyana widiyatawath salli hoyathakida kiyala
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThank you machan mewa gena kiyala dunnata
ReplyDeletethanks ගොඩක් වැදගත්.
ReplyDeletepaypal/alertpay account ගැන මූලික තොරතරු ඒ මගින් අපේ ගිනුමට මුදල් ගෙන්වා ගන්න විදිය ගැන ලිපියක් ලියන්න පුලුවන්ද