ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!!!

අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරුවීමේදී ලැබෙන ඇඩ්ස් මග හරවා ගැනීමට දකුණු පස ඇති Skip Add යන්න මත Click කරන්න.එවිට නිව‍රැදි ලෙස පහසුවෙන් අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරු විය හැක.

Saturday, August 4, 2012

FaceBook වෙත Log නොවී Chat කරන්නේ මෙහෙමයි


අද වන විට FaceBook වෙබ් අඩවිය එක්ක ගොඩක් දෙනෙක් සම්බන්දයි.ඒ බැදීම කොච්චරද කිවොත් සමහරු උදේට Log උනාම ආයිත් Log Out වෙන්නේ මහ රැට.හැබැයි යාළුවනේ මං හැමදාමත් කියනවා අන්තර්ජාලය තියෙන්නේ අපේ දියුණුවට මිසක් අපේ පිරිහීමට නම් නෙවෙයි ඒ නිසා අපි අන්තර්ජාලය අපේ දියුණුවට යොදාගමු.


හ්ම් හ්ම් කතාව ඇති මං කියාගෙන ආවේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ FaceBook Chat කරන්න FaceBook වලට Log වෙන්න ඕනිමයි කියලා.එහෙම නෑ යාලුවනේ.



සමහර වෙලාවට මං අද කියන්න යනදේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි.මොකද ඔයාලගේ Office එකේ එහෙම නැත්නම් Institute එකේ ගොඩක් වෙලාවට FaceBook Block කරලා තියෙන්නේ.ඉතින් එහෙම වෙලාවට FaceBook යාළුවොත් එක්ක Chat කරන්න බැරුව ඔයාලාත් දුක් වෙලා ඇති ඔන්න මං ඔයාලගේ ඒ ගැටළුවට හොද විසදුම් කීපයක් ගෙනාවා.
මේකෙන් ලැබෙන අනිත් වාසිය තමයි අපේ Data ප්‍රමාණය ඉතිරි කර ගන්නත් පුලුවන් වීම.මේ දෙය ගොඩක් වටින්නේ Prepaid Conection එකක් Use කරන අයට තමා.


Gabtastik


මං පලමුවෙන්ම කියලා දෙන්න යන්නේ Gabtastik ගැන.
Gabtastik කියන්නේ Face Book Chat වගේම Gtalk සදහාත් යොදා ගන්න පුළුවන් Desktop Client ආකාරයේ Online Chat මෘදුකාංගයක්.මේ මෘදුකාංගය ඔයාලගේ පරිගණකයට Install කරලා Face Book හා සම්බන්ද උනාම වැයවන Data ප්‍රමාණය ගොඩක් අඩුයි.ඒ කියන්නේ ඔයාලගේ Internet Bill එක අඩුවෙනවා කියන එක.මතක තියා ගන්න මේකෙදි FaceBook වෙබ් අඩවිය Open නොවිම  තමා  ප්‍රධාන වාසිය.බයවෙන්න එපා FaceBook වෙත ලැබෙන Nortifications & Messages ඔක්කොම System Tray එකේ Run වෙන මේ Softwear එක මගින් POP-UP කරලා ඔයාලට පෙන්වනවා.

Free Download Gabtastk

(Link එක ක්ලික් කරාම තත්පර 5 කට පස්සේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ එන Skip Add කියන  එක ක්ලික් කරන්න.එවිට Gabtastk හා සම්බන්ධ වෙන්න පුළුවනි.)

Chitchat


ඉතින් මං දැන් දෙවෙනියට කියලා දෙන්න යන්නේ Chitchat ගැන.
මෙන්න මේ Chitchat කියන මෘදුකාංගය ඔයාලගේ පරිගණකයට Install කරාම FaceBook Chat Window ආකාරයේ SlideBar එකක් ඔයාලට දැකගන්න පුලුවන්.මේ නිසා ඔයාලාට Web Browser එක Open නොකරම යළුවෝ එක්ක ඇති තරම් Chat කරන්න පුළුවන්.ඔයාලගේ යාළුවෝ Online හා Offline වෙනකොට ඒ ගැන ඔයාලාව  Nortification මගින් දැනුවත් කරනවා.ඒ වගේම එක එක පාට හැඩතල දාපු Text මගින් Chat කරන්නත් මෙහිදී අවස්තාව ලබාදෙනවා.මෙහිදී Chat History පරීක්ෂා කරන්නත් පුළුවනි.ඒ වගේම Short Cut Keys ගොඩක් තියෙනවා.ඒ නිසා මේ Chitchat මෘදුකාංගය අපිට ගොඩක් පහසුවෙන් භාවිතා කරන්න පුලුවනි.

Free Download Chitchat

(Link එක ක්ලික් කරාම තත්පර 5 කට පස්සේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ එන Skip Add කියන  එක ක්ලික් කරන්න.එවිට Chitchat හා සම්බන්ධ වෙන්න පුළුවනි.)

Digsby


මේ තියෙන්නේ මං කලින් කියලා දුන්න  වගේම හොද තවත් Chat Softwear එකක්.
මේක FaceBookවගේම Twitter,Gtalk,Linkedin වගේ තවත් මං නොකියපු ගොඩක් සේවාවන් එක්ක Chat කරන්න අවස්තාව ලබාදෙන Chat Softwear එකක්.අන්තර්ජාල Chat වගේම Email Account ගැන Nortifications ලබාදීම වගේම වෙනත් සමාජ ජාල Nortifications ද මේ හරහා අපිට ලබා ගන්න පුළුවනි.මෙහි ඇති අනෙක්  වාසිය තමා FaceBook Accounts කීපයක් සමග එකවර  Conference Chat සිදු කිරීමට ද හැකියාව තිබිමයි.

Free Download Digsby

(Link එක ක්ලික් කරාම තත්පර 5 කට පස්සේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ එන Skip Add කියන  එක ක්ලික් කරන්න.එවිට Digsby හා සම්බන්ධ වෙන්න පුළුවනි.)

Pidgin


මේ තියෙන්නෙත් අර ඉස්සෙල්ලා කියලා දීපු Chat Softwear වගේම නියම භාණ්ඩයක්.
මේකත් ඉස්සෙල්ලා කියපු Digsby වගේ Softwear එකක්.මේකෙනුත් Accounts කීපයක් එක්ක එකවර Chat කරන්න පුළුවන්.

Free Download Pidgin

(Link එක ක්ලික් කරාම තත්පර 5 කට පස්සේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ එන Skip Add කියන  එක ක්ලික් කරන්න.එවිට Pidgin හා සම්බන්ධ වෙන්න පුළුවනි.)

හා හා දැන් ඉතින් FaceBook Block කරාට අපිට අවුලක් නැහැ.අපි Chat එකට සෙට් වෙනවා.එන්න කවුරු මොනදේ Block කලත් අපි ලොවට හොරා නිදහසේ Chat කරමු.



ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එක klpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.


ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.

No comments:

Post a Comment