ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!!!

අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරුවීමේදී ලැබෙන ඇඩ්ස් මග හරවා ගැනීමට දකුණු පස ඇති Skip Add යන්න මත Click කරන්න.එවිට නිව‍රැදි ලෙස පහසුවෙන් අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරු විය හැක.

Thursday, July 5, 2012

ෆොරෙක්ස් වෙළද පොළ යනු කුමක්ද? - 03


අපි හැමෝම දන්නවා සෑම රටකටම අනන්‍යවූ මුදල් ඒකකයක් තියෙනවා කියලා.ඉතින් ලෝකය දියුනු වෙද්දි රට රටවල් අතර වෙළදාම වැඩි වුනා ඒ වගේම මිනිස්සු රට රටවල් අතර සංචාරය කරන්න ගත්තා.ඉතින් මෙන්න මේ හේතු නිසා  විනිමය හුවමාරුවක අවශ්‍යතාවය මිනිසුන්ට ගොඩක් දැනෙන්න වුනා.


තේරුනේ නෑ නේද?මෙහෙම හිතන්නකෝ ශ්‍රි ලංකාවේ ඉන්න ඔයාට අවශ්‍ය වෙනවා ඇමරිකාවට යන්න.එතකොට ඔයා වියදමට ශ්‍රි ලංකාවේ රුපියල් අරන් ගිහින් වැඩක් තියෙනවද?වැඩක් නෑ මොකද එහෙ ගනුදෙණු සිදු වෙන්නේ ඩොලර් වලින් නිසා.එහෙනම් අපි කරන්නේ අපේ රුපියල් ටික ඩොලර් කරගන්න එක.ෆොරෙක්ස් වෙළද පොළ තුල සිදු වෙන්නෙත් මේ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක්.ඒ කියන්නේ අපි එක් මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට අලෙවි කිරීමයි.

ඒ කියන්නේ එක් රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් බවට හුවමාරු කර ගැනීමයි.මෙන්න මේක අපි ෆොරීන් එක්ස්චේන්ජ් (Forighn Exchange) කියලා හදුන්වනවා.මෙය කෙටි කරලා ෆොර්+එක්ස් (For Ex) හෙවත් ෆොරෙක්ස් (Forex) කියන නම හැදිලා තියෙනවා.මෙය එෆ් එක්ස් හෙවත් කරන්සි එක්ස්චේන්ජ් (Currency Exchange) යන නම් වලින්ද හදුන්වනවා.

ෆොරෙක්ස් වෙළද පොළ කියන්නේ ලෝකය තුල තිබෙන ලොකුම මූල්‍යම වෙළද පොළක් ‍යැයි කිව්වොත් ඔයාලා පුදුම වෙයි නේද?ඒත් ඒකම තමා ඇත්ත.ෆොරෙක්ස් වෙළද පොළ තුල දිනක පිරි වැටුප ආසන්න වශයෙන් ට්‍රිලියන හතර ඉක්මවනවා.රුපියල් නෙවෙයි ඩොලර්, ඩොලර් ට්‍රිලියන හතරක්.ඔයාලා ඔය ලොකුම වෙළද පොළ කියන නිව්යෝක් කොටස් වෙලද පොළ වගේ දහස් ගුණයක් ෆොරෙක්ස් වෙළද පොළ විශාලයි.මගේ අම්මෝ පිස්සු වගේ නේද?

හරි එහෙනම් ෆොරෙක්ස් වෙළද පොළ තුළ මුදල් ඒකක ආයෝජනය කරන්නේ කොහේද කියලා මම ඊළග ලිපියෙන් කියලා දෙන්නම්.

ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එක klpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.


ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.

2 comments:

  1. ela forex gana igena ganna api asay ela kolla ohoma yan

    ReplyDelete
  2. ෆොරෙක්ස් ඔටෝ ට්‍රේඩි ගැන කියලා දෙන්න පුළුවන්ද

    e mail - hasiniwebf@gmail.com

    ReplyDelete