ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !!!!!

අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරුවීමේදී ලැබෙන ඇඩ්ස් මග හරවා ගැනීමට දකුණු පස ඇති Skip Add යන්න මත Click කරන්න.එවිට නිව‍රැදි ලෙස පහසුවෙන් අපගේ වෙබ් පි‍ටු අතර හුවමාරු විය හැක.

Sunday, June 17, 2012

නොමිලේ දුරකථන ඇමතුම් 100% ක්‍රියාත්මකයි



ඔන්න මං අද ඔයාලට 100% ක්‍රියාත්මක Free Call ගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න ආවේ.Skype වලින් නෙවෙයි වෙන ක්‍රමයකට මේක 100% වැඩ ‍යාළුවනේ.ගිය පාර එක සමහර වෙලාවට වැඩ නෑ කියලා කමෙන්ට් තිබුනානේ.ඉතින් මං අළුත් විදියකට Free Call ගන්න ක්‍රමයක් ගැන තමා මන් මේ කියලා දෙන්න යන්නේ.


ඔයාලට තියෙන්නේ මන් පහළ දාලා තියෙන ලින්ක් එකෙන් අදාළ පිටුවට පිවිසෙන එක ඊට පස්සේ එහි තිබෙන Dial Pad එකෙන් ඔයාලට කතා කළ යුතු අංකය Dial කරන්න.




 ඉන්පසුව Dial කියන Button එක Click කරන්න.


මෙහි අපට ඇමතුම් වාර 2 තමා දිනකට Free Call ලෙස ලබා දෙන්නේ එම වාර 2 අවසන් වූ පසු නැවත අපට  ඊළග දිනයේ තමා අපට නොමිලේ ඇමතුම් ලබා ගන්න පුළුවන්.ලබා දෙන ඇමතුම් කාළ සීමා දැන ගන්න මෙම වෙබ් පිටුවේ ඉහළ ඇති  Free Minutes කියන Tab එක කරලා ලබෙන Search Box  එකෙහි අපට ඇමතුම් ගැනිමට අවශය්‍ය රට සහ දුරකථන ජාලය ලබා දුන් විට අපට ලැබෙන ඇමතුම් කාල සීමාව දැන ගන්න පුලුවන්.


මෙහිදී අප දුරකථන අංකය සදහා අදාල රටෙහි Country Code එක ලබා දිය යුතු වෙනවා.


ඕනම රටක Country Code ලබා ගන්න මෙතන   Click  කරන්න.


උදාහරණ- ශ්‍රි ලංකාවේ 0755555555 යන අංකයට ඇමතුම ලබාගැනීමට නම්  0094 යන  Country Code එක සමග 755555555 ලෙස ලබා දිය යුතු වේ.


එහෙනම් ඉතින් දැන් හිටු කියලා නොමිලේ ඇමතුම් ගමු.


ආ ලින්ක් එක ක්ලික් කරාම තත්පර 5 කට පස්සේ ස්ක්‍රීන් එකේ දකුණු අත පැත්තේ එන Skip Add කියලා ඒක ක්ලික් කරන්න.එතකොට ඔයාලාට මෙම ෆ්‍රී කෝල් ගන්නා තැනට යන්න පුළුවන්.එහෙනම් ලින්ක් එක ක්ලික් කරමුකො බලන්න.දැන් ඉතින් වැඩේ හොදද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.





නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න





ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එක klpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත්\ දාගෙන යන්නකො.

ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.

Tuesday, June 12, 2012

ෆොරෙක්ස් මාර්කට් එකේ වෙළදාම් කිරීමට හේතුව - 02



එහෙනම් යාළුවනේ ඔන්න අද අපි ෆොරෙක්ස් මාර්කට් එක කියන්නේ මොකක්ද කියලා දැන ගනිමු.


ෆොරෙක්ස් මාර්කට් එක කියන්නේ ඉතාමත් පැරණි ඒ වගේම ඉතාමත් ප්‍රාථමික මූල්‍ය වෙළද පොලක්.ඒ කියන්නේ යාළුවනේ අපිට ආර්ථිකය පිළිබදව මූලික දැනුමක් නැතිවුනත් අපිට මෙය ඉතා පහසුවෙන් අවබෝධ කර ගන්න පුළුවන් වගේම ඒ වෙත යොමු වෙන්නත් පුලුවන්.ඒ කියන්නේ ෆොරෙක්ස් මාර්කට් එකෙන් හොද ලාභයක් ලබා ගන්න හෝ එය අපගේ ආදායම් මාර්ගය කර ගන්න අපිට මහ ලොකු දේවල් ඉගෙන ගන්න පුහුණු වෙන්න ඕනි නෑ ෆොරෙක්ස් මාර්කට් එක වෙනත් කොටස් වෙළද පලවල් වලට වඩා ඉතාමත් ආරක්ෂිත ක්‍රමයක්.


එහෙනම් අපි මීළග පෝස්ට් එකෙන් ෆොරෙක්ස් මාර්කට් එක ගැන පුළුල් අධ්‍යනයක් කරමු.




ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එක klpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.




ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.

Saturday, June 9, 2012

Forex වලින් මුදල් සොයමු - 01



ඉතින් යාළුවනේ මේ දවස් වල ගොඩාක් දෙනෙක් කතා කරන දෙයක් තමා ෆොරෙක්ස් වලින් මුදල් සොයමු කියන මාතෘකාව.ඒ වගේම තමා හුග දෙනෙක් දන්නෙ නෑ මේක කොහොමද කරන්නේ Forex කියන්නෙ මොකක්ද කියලා.ඒ වගේම තමා මේ දේවල් උගන්වනවා කියලා එක එක ගුරුන්නාන්සේලා පත්තර වල ඇඩ් දානවා.මගේ අම්මේ ගාස්තුව දැක්කම මැරිලා වැටෙනවා.ඇයි දෙයියනේ ගාන රුපියල් 10 000 හරි 20 000ක් හරි.ඇයි යකෝ මුන්ට තේරෙන්නේ නැද්ද මන්දා හූරන් කනවා කියලා ඔහොමත් හූරන් කනවද?


ඔන්න මන් අද ඉදන් කියලා දෙනවා ඔය 10 000 යි 20 000 යි කියන Forex පාඩම් මාලාවල් වලට වඩා වැඩි යමක්.හැබැයි සත 5ක් වත් ගන්නේ නැතුව.අන්තර්ජාලය කියන්නේ යාළුවනේ ඉගෙන ගන්න එකාට හොද තැනක් වගේම නැතිවෙන එකාට නැති වෙන්න හොද තැනක්.ඉතින් අපි අපේ දියුනුවට අන්තර්ජාලය යොදාගමු.


හරි එහෙනම් වැඩේට බහිමු.ඔයාලා දන්නේ නැතුවත් ඇති සමහර විට දන්න වත් ඇති ලෝකේ වැඩිපුරම ජනප්‍රිය සහ ප්‍රසිද්ධ Forex ඊ බුක් එක තමා Forex Brainstorm කියන්නේ.මේ පොත මගින් අපිට Forex පිළිබදව සුපිරි දැනුමක් ලබා ගන්න පුලුවන්.ඉතින් මන් හිතුවා මුලින්ම මේ පොත ඔයාලට දෙන්න.බය වෙන්න එපා මන් මේ Forex Brainstorm පොත සිංහලට පරිවර්තනය කරලා ඔයාලට දෙන්නේ.


එහෙනම් ඉතින් මන් මේ Forex Brainstorm පොත කොටස් ලෙස පෝස්ට් කරන්නම්.


එහෙනම් පලමු පරිවර්තන කොටසත් සමග අපි ඊලග පෝස්ට් එකෙන් හමු වෙමු.


ඉතින් ඔයාලගෙ වටිනා අදහස්/ උදහස්/යොජනා හා චොදනා මට ඉදිරිපත් කරන්න.මොකද ඒවා මට ලොකු ශක්තියක් මේ බ්ලොග් එක ඉදිරියට ගොඩක් හොදට කරගෙන යන්න.මෙන්න මගේ  E-mail Address එක klpathum99@gmail.com  එහෙනම් ඉතින් Comment එකකුත් පාඩමට කැමති නම් Like එකකුත් දාගෙන යන්නකො.



ඊළග ලිපියෙන් නැවත හමුවෙමු.